-4.8 C
New York

හෙට සිට පැය 13ක විදුලි කප්පාදුවක්

Published:

දිනකට පැය 13ක කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.

ඒ අනුව හෙට අලුයම 03 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ පැය 04 සිට උපරිම පැය 06 දක්වා කාල සීමාවකට යටත්ව අවස්ථා කිහිපයක දී දිවයින පුරා විදුලිය කපා හැරීමට නියමිතය.

A,B,C,D,E,F කලාප

අලුයම 3.00 සිට 6.00 දක්වා පැය 03ක් ද, මධ්‍යහ්න 12.00 සිට සවස 4.00 දක්වා පැය 04ක් ද, සවස 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 06ක් ද විදුලි කප්පාදුව සිදු වෙයි.

G,H,I,J,K,L කලාප

මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 3.00 දක්වා පැය 03ක්, උදෑසන 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා පැය 04ක් සහ සවස 4.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 6.00ක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

P,Q,R,S කලාප

අලුයම 3.00 සිට උදෑසන 6.00 දක්වා කාලය තුළ දී පැය 03ක් ද, මධ්‍යහ්න 12.00 සිට සවස 4.00 දක්වා පැය 04ක් ද පස්වරු 4.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 6ක් ද විදුලිය කැපීමට නියමිතය. ඒ අනුව එම කලාපයට මධ්‍යහ්න 12.00 විදුලිය විසන්ධි කළ විට එක දිගට පැය 10.00ක් විදුලිය නොමැත.

T,U,V,W කලාප

මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 3.00 දක්වා පැය 03ක් ද, උදෑසන 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා පැය 04ක් ද, පස්වරු 4.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 06ක් ද විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

M,N,O,X,Y,Z කලාප

අලුයම 5.30 සිට උදෑසන 9.00 දක්වා කාලයේ දී පැපය 03යි මිනිත්තු 30ක කාලයක් සහ පස්වරු 4.00 සිට 6.00 දක්වා කාලයේ දී පැය 02ක විදුලි කප්පාදුවක් ද සිදුකිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img