-4.8 C
New York

කරාපිටිය රෝහලට බුද්ධි අංශ පනී. ඖෂධ පිළිබඳ සංඛ්‍යාලේඛන ඉල්ලයි

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලට බුද්ධි අංශ පැමිණ තොරතුරු එකතු කර ඇතැයි වාර්තා වේ.

නිර්වින්දනය සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිවීම හේතුවෙන් ජීවිත අවදානමක් නැති සැත්කම් නැවැත්වීමට තීරණය කර තිබූ අතර එම පුවත rata.lk ඇතුළු මාධ්‍යමගින් ද ප්‍රචාරය කෙරිණි. රෝහල් අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධයෙන් නිකුත් කළ ලිපියක් ද අප විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

මේ අනුව බුද්ධි අංශයෙන් බව පවසමින් නිලධාරීන් දෙදෙනකු ඊයේ (29) කරාපිටිය ශික්ෂණ රෝහලට ගොස් සැත්කම් නැවැත්වීම, රෝහලේ ඇති ඖෂධ සහ උපකරණ ප්‍රමාණ මෙන් ම හිඟ ද්‍රව්‍ය පිළිබඳව ද තොරතුරු ඉල්ලා තිබේ.

‍අධ්‍යක්ෂවරයා ඔවුන්ට තොරතුරු දීම ප්‍රතික්ෂේප කළ පසු නැවත සිය ආයතන ප්‍රධානියාගෙන් ලිපියක් ගෙනවිත් අදාල තොරතුරු ලබාගෙන ඇතැයි ද රෝහල් ප්‍රකාශකයකු අප සමඟ කීවේය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පවසන්නේ වෛද්‍ය සැපයුම් අංශ ‍මේ වනවිට රටේ ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය පිළිබඳ හොඳින්ම දන්නා බැවින් මෙලෙස බුද්ධි අංශ පැමිණ තොරතුරු ලබාගැනීම අනවශ්‍ය බවයි.

Related articles

Recent articles

spot_img