කළුබෝවිල රෝහල් සේවකයන් 06 ආසාදිතයි

0
68

කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 06 දෙනකු කොරෝනා ආසාදිතයන් බව හදුනාගැනීමත් සමඟ රෝහලේ කොටස් කිහිපයක් තාවකාලිකව වසා දමා ඇත.

කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන්නේ හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, 23 වැනි වාට්ටුව හා 07 වැනි වාට්ටුව මෙසේ වසා දැමීමට සිදුවූ බවයි.

ආසාදිත පුද්ගලයන් රෝහල් වෙත යොමුකළ බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් ඉක්මණින්ම නිරෝධායන කටයුතු සඳහා යොමුකළ බවත් රෝහල් අධ්‍යක්ෂවරා පවසයි.

කෙසේ වෙතත් හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය හා 23 වැනි වාට්ටුව මේ වනවිට විෂබීජහරණය කිරීමෙන් පසු සාමාන්‍ය කටයුතු සඳහා විවෘත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here