විදුලි කප්පාදුව හෙට (29) සිට පැය 7යි විනාඩි 30ක් දක්වා දීර්ඝ කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම දන්වා සිටියි.
ඒ අනුව,
A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා උදෑසන 8.00 – සවස 6.00 දක්වා කාලයේ දී පැය 05ක් සහ සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලයේ දී පැය 2යි විනාඩි 30ක් වශයෙන් ද
P,Q,R,S,T,U,V,W කලාප සඳහා උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා පැය 05ක් ද සවස 5.30 සිට රාත්‍රී 11.00 දක්වා පැය 02යි විනාඩි 15ක් ලෙස ද විදුලිය විසන්ධි කිරීමට නියමිතය.



