spot_img
spot_imgspot_img

ළමා හිංසනයට දිරි දෙන, මාධ්‍ය ආයතනට දැඩි විරෝධයක්

පුවත්

විදෙස්

සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වූ ළමා හිංසනයක් සම්බන්ධයෙන් වෙනත් ආකාරයක ප්‍රචාරයක් ලබා දෙමින් තම නාලිකාවේ පැවැත්ම තහවුරු කරගැනීමට ගන්නා උත්සාහයක් සම්බන්ධයෙන් මේ වනවිට ස්වර්ණවාහිනී සේවයට සහ එහි නිවේදක රංගන ද සිල්වාට දැඩි මහජන විරෝධයක් එල්ල වෙමින් පවතී.

කිසියම් පාසලක ළමුන් දෙදෙනකුගේ ආරවුලකට මැදිහත්වන ගුරුවරයකු එක් දරුවකුට පහර දෙන බව පවසන විට ඔහු සමඟ ආරවුල ඇතිකරගත් දරුවාම “‍අනේ සර් එයාට ගහන්න එපා. මට ගහන්න” යැයි කියන සංවේදී දර්ශනය මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

දැන් ස්වර්ණවාහිනියේ සූදානම අද (27) රාත්‍රී හිත ඉල්ලන තරු වැඩසටහනට මෙම ද‍රුවා සහ ඔහුගේ දෙමාපියන් ද ගුරුවරුන් ද ගෙන්වීමයි.

ළමයෙකුගේ කායික හා මානසික තත්ත්වයට පිටස්තරව, ඔහු ගේ හෝ ඇයගේ යහපතට, හා මනා කල්ක්‍රියාවට එරෙහිව සිදු කරන කුමන හෝ අයහපත් ක්‍රියාවක් මානසික අපයෝජනයක් ලෙස හැඳින්වේ.

මෙම දර්ශනවලින් පෙන්වන්නේ එම ළමයා මානසික අපයෝජනයට ලක්කරන ආකාරයයි. ගුරුවරයා විසින් එය සිදුකරන අතර එම ගුරුවරයා ම හෝ වෙනත් අයකු එය වීඩියෝ කර සමාජ මාධ්‍යවලට මුදාහැර ඇත. එලෙස මුදාහැරීමෙන් ද එම ළමයා අපයෝජනයට ලක්වෙයි.

දරුවන්ට දඩුවම්කිරීම මෙලෙස වීඩියෝ ගත කිරීමත්, පාසල තුළ සිදුවන දෑ වීඩියෝ ගත කිරීමත්, අනවසරයෙන් දරුවන් වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම යනාදී කරුණු හේතුවෙන් මෙය ළමා හිංසනය යටතට ගැනෙන වරදකි.

එලෙස අපයෝජනයට හා හිංසනයට ලක්වූ දරුවකු ඔහුගේ දෙමාපියන් ද සමඟ නාලිකාවට ගෙන්වා හිංසනයට සම්බන්ධ ගුරුවරුන් ගෙන්වා ප්‍රචාරයක් ලබා දීම සහ නාලිකාවේ වාණිජ්‍ය අරමුණු ඉටුකර ගැනීම මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කිරීමකි.

මේ බව පවසමින් අද වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ස්වර්ණවාහිනී නාලිකාවේ එම ක්‍රියාවත්, එය සිදුකරනු ලබන රංගන ද සිල්වා නමැති නිවේදකයා පිළිබඳවත් දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!