-4.8 C
New York

“රාජ්‍ය බැංකු බ‍ංකොලොත් වී නෑ” – බැංකු සේවකයෝ කියති

Published:

රාජ්‍ය බැංකුවක් බංකොලොත් වී ඇතැයි එක්තරා මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය දේශපාලන අරමුණකින් කරන ලද්දක් බවත් එයට නොරැවටෙන ලෙසත් ප්‍රගති බැංකු සේවක සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් ඔවුන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ප්‍රගති බැංකු සේවක සංගමයේ සභාපති නිශාන්ත සමරසිංහ සඳහන් කරන්නේ මෙම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ගැන ගනුදෙනුකරුවන් විශාල වශයෙන් විමසීම් කරන බවයි

රටේ රාජ්‍ය බැංකු ජනතාව සහ රජය යන ත්‍රිත්වය අතර ශක්තිමත් බැඳීමක් පවතින බවත්, රාජ්‍ය බැංකු බංකොලොත්වීම සිදු නොවන්නක් බවත් එම සංගමය පෙන්වාදෙයි.

සියලු ම රාජ්‍ය බැංකු පූර්ණ රාජ්‍ය ආරක්ෂාව යටතේ ශක්තිමත්ව හා ස්ථාවරව පවතින බැවින් දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකරන මෙවැනි වගකීමක් සහ අවබෝධයක් නොමැති ප්‍රකාශ හෙළා දකින බවත් එම සංග‍මය නිකුත්කළ නිවේදනයේ දක්වා ඇත. එමෙන් ම මෙවැනි ජාතික වැදගත්කමින් යුතු ආයතන සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමේ දී වගකීමෙන් කටයුතු කරන ලෙසත් ප්‍රගතිි බැංකු සේවක සංගමය සියලු දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටියි.

Related articles

Recent articles

spot_img