දුමින්දට සමාව ඉල්ලා මන්ත්‍රීවරු පෙත්සමකට අත්සන් තබති

0
107

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින් ද සිල්වාට සමාව ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙත්සමක් අත්සන් කර ඇතැයි Sunday Times පුවත්පත වාර්තා කරයි.

පසුගිය අඟහරුවාදා (20) පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් මෙම පෙත්සම මන්ත්‍රිවරුන්ගේ අත්සන සඳහා ලබා දී තිබේ.

මෙම රැස්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොමැපිණි අතර රැස්වීම පවත්වා ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

සන්ඩේ ටයිම්ස් පුවත්පත තම වාර්තාමේ මෙම කරුණු අඩංගු කර තිබිණි.

“ රජයේ ප්‍රධාන සංවිධායක කාර්ය මණ්ඩලය පෙත්සම අත්සන් කිරිම සඳහා ලබාදීමේ දී රැස්වීමට සහභාගී වූ සියලු ම මන්ත්‍රීරුන් පාහේ ඔවුන්ගේ අත්සන් තැබීමෙන් පැහැදිලි වන්නේ මෙම උත්සාහයට නිල ආශිර්වාදයක් ඇති බවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව දෙන ලෙස ඉල්ලන පෙත්සම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ගිය විට දුමින් ද සිල්වා නිදහස් කිරීමේ ප්‍රබල සම්භාවිතාවක් තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයේ සිටිය දී ශ්‍රී ලංකාවේ වෙසෙන 19 හැවිරිදි ස්වීඩන් ජාතික තරුණියක වන ඉවෝන් ජොන්සන්ගේ ඝාතකයාට සමාව දීමට ක්‍රියාකළේය.” යනුවෙන් ද සන්ඩේ ටයිස්ම් වාර්තා කරයි.

(newswire.lk වෙබ් අඩවියේ තැබූ සටහනක සිංහල පරිවර්ථනයකි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here