දකුණු පළාතේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් සහ ජනමාධ්‍ය අතර සබඳතාවක් ගොඩනැගීම තුළින් පළාතේ ජන සමාජය වෙනුවෙන් කරනු ලබන මෙහෙවර වඩාත් පුළුල් සහ අර්ථාන්විත කර ගැනීමේ වැඩසටහනක් පසුගිය දා ගාල්ල උණවටුනේ දී පැවැත්විණි.
මානව ශක්ති පදනම සහ ඉන්ටර්නිවුස් ආයතනය එක්ව සංවිධානය කර තිබූ මෙම වැඩසටහන සඳහා ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන රැසක ක්‍රියාකාරිකයන් සහ මාධ්‍ය ආයතනවල සේවයකරන මාධ්‍යවේදීන් ද සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
එහි දී සිවිල් සංවිධානවල ව්‍යාපෘතීන් සඳහා මාධ්‍යමගින් නිසි ප්‍රචාරයක් නොලැබීම, සමාජයේ ඇති ගැටලු මාධ්‍යවේදීන් වෙත සම්ප්‍රේෂණය නොවීම මෙන්ම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරිමේ දී ඒවා තෝරාගත යුතු ආකාරය සහ ඒ සඳහා සමාජ අවධානය යොමුකරගන්නා ආකාරය පිළිබඳවත් පුළුල්ව සාකච්ඡා කෙරිණි.
මෙම වැඩසහන සඳහා ජාතික රාජ්‍ය නොවන සංවිධාන පෙරමුණේ සභාපති සුනිල් ශාන්ත ගනේවත්ත එක්ව සිටි අතර, විද්වත් සාකච්ඡා සඳහා රාජ්‍ය අංශය වෙනුවෙන් ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් එම්.එම්.ෂර්ෆාස්, පළාත් පාලන අංශය වෙනුවෙන් හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා සහ ප්‍රජා කටයුතු සඳහා ප්‍රජා පොලිසියේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිරෝෂා හෙට්ටිගොඩ යන අය ද සහාගීවූහ.
සමස්ත වැඩසටහන සිවිල් සංවිධාන සහ මාධ්‍ය අතර සම්බන්ධතාව වඩාත් පුළුල් හා අර්ථාන්විත කිරීමටත්, මානව හිමිකම් ආරක්ෂණය, කාන්තාව මූලික කරගත් ව්‍යාපෘති, පාරිසරික ආරක්ෂණය, වතු ආශ්‍රිත ගැටලු සහ තරුණ සහභාගීතවය යන ප්‍රධාන ක්ෂේත්‍රයන් කෙරෙහි ද යොමුව තිබිණි.
ඉදිරියේ දී සිවිල් සංවිධාන විසින් එම ක්ෂේත්‍රයන්හි සිදුකරනු ලබන ව්‍යාපෘති හඳුනාගැනීම සහ ඒ සඳහා මාධ්‍යවල දායකත්වය ලබාගැනීමට ද මෙහි දී සාකච්ඡා කෙරිණි.




