spot_img
spot_imgspot_img

සතොස පාරිභෝගික නීති කඩයි. හාල්,සීනි, පරිප්පු ගන්නවානම් කොන්දේසි දාලා

පුවත්

විදෙස්

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය විකිණීමේ දී ලංකා සතොස අළෙවි සැල් පාරිභෝගික නීතියට පටහැනිව කටයුතු කරන බවට විවිධ ‍ප්‍රදේශවලින් චෝදනා එල්ල වෙයි.

මේ පිළිබඳ අප සතොස අළෙවිසැල්වලින් විමසීමේ දී ඒවායේ සේවකයන් පවසන්නේ සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් විසින් මේ සම්බන්ධ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.

එම චක්‍රලේඛය අනුව නඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 110.00ක මිලකට අළෙවි කළ යුතු අතර පොන්නි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 130.00කට අළෙවි කළ යුතුය. නමුත් එක් ගනුදෙනුකරුවකුට ලබා දෙන්නේ උපරිම සහල් කිලෝ ග්‍රෑම් 05ක් පමණි.

අප විමසීම් කළ සතොස කිසිම අළෙවි සැළක රතු කැකුළු විකිණීමට නැත.

එමෙන් ම සීනි කිලෝ ග්‍රෑමයක් රුපියල් 160.00ක මිලකට අළෙවි කරන අතර පරිප්පු කිලෝ ග්‍රෑමයක් රුපියල් 360.00ක් වෙයි. එසේ වුව ද පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට හැකියාව ඇත්තේ පරිප්පු සහ සීනි උපරිම ග්‍රෑම් 500ක් පමණි. එම ග්‍රෑම් 500ද නිකුත් කරනු ලබන්නේ පාරිභෝගියකු විසින් වෙනත් භාණ්ඩ ද මිලදී ගන්නවානම් පමණි.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියෙන් විමසූ විට කියා සිටියේ ‍කිසිදු වෙළඳ සැළකින් යම් භාණ්ඩයක් මිල දී ගැනීමේ දී උපරිම මිල දී ගත හැකි ප්‍රමාණයක් සඳහන් කරමින් කොන්දේසි දැමීම සහ වෙනත් භාණ්ඩ මිලදී නොගන්නේ නම් යම් භාණ්ඩයක් නිකුත් නොකරන බවට ‍කොන්දේසි ඉදිරිපත් කිරීම රටේ පවතින පාරිභෝගික නීතියට පටහැනි බවයි.

එසේ නම් සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් විසින් නිකුත්කර ඇති චක්‍රලේඛන නීති විරෝධී ලියවිල්ලකි.

එම චක්‍රලේඛයට පටහැනිව කටයුතු කරන සතොස ශාඛා සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය පරීක්ෂණයක් පවත්වන බව ද එම චක්‍රලේඛනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!