මාළු කෑමට ගන්නා හැටි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

0
296

හොඳින් පිසින ලද මාළු ආහාරයට ගැනීමෙන් කොරෝනා ආසාදනය වීමට කිසිදු ඉඩක් නොමැති බැවින් මාළු වර්ග අහාරයට ගැනීමට බිය නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

රාජකාරී ආවරණය කරනු ලබන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා මෙම නිවේදනය නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මත්ස්‍ය පරිභෝජනයෙන් කොරෝනා බෝවන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවයි. මත්ස්‍ය පරිභෝජනය සුදුසු නැතැයි පැතිර යන කටකතාවලට නොරැවටෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

කොවිඩ් – 19 වයිරසය පෘෂ්ඨයක රැඳී තිබීමට ඉඩ ඇති බවට සිදුකර ඇති විද්‍යාත්මක තහවුරු කිරීම් ඇති බැවින් මාළු පිසීම හෝ ගබඩා කිරීම සඳහා සකස් කරන අතරතුර මුහුණ නොඅල්ලන ලෙසත්, ඉන්පසුව ඒ සඳහා භාවිතා කළ උපකරණ සහ දෑත් හොඳින් සබන් යොදා සොදාගන්නා ලෙස ද විශේෂඥ වෛද්‍ය ශ්‍රීධරන් මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

පදනමකින් තොරව මාළු වෙළෙඳාම් කරන ස්ථාන වසා දැමීමට අවස්ථාවක් නොමැති බව පවසන සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය කියා සිටින්නේ සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින්, දෑත් සේදීම සහ නිසි පරිදි මුහුණු ආවරණ පැළඳීම වැනි මාර්ගෝපදේශ පිළිපදිමින් එවැනි මාළු අළෙවි සැල් පවත්වාගෙන යන ලෙස දැනුම් දී ඇති බවයි.

එම නිවේදනය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here