-5.9 C
New York

වාණිජ බැංකුවලට ලැබෙන ඩොලර් නියාමනය සඳහා මහ බැංකුවෙන් පියවර

Published:

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (22) ශ්‍රී ලංකාවේ සියලු ම වාණිජ බැංකුවලට නිකුත් කරන ලද මූල්‍ය උපදෙස් අනුව සියලුම වාණිජ බැංකු විසින් සතිපතා විදේශ විනිමය වශයෙන් ලැබෙන මුදල් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විකිණිය යුතු බවටත් විදේශ රැකියවන්හි නියුක්තවූවන් විසින් එවනු ලබන විදේශ විනිමයෙන් මෙතෙක් 25%ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රුපියල් බවට හුවමාරු කළ ද එය වහාම ක්‍රියාත්මක වන පරිදි 50%ක් දක්වා වැඩි කරන ලෙසටත් නියාමන උපදෙස් ලබා දී තිබේ.

මෙම පියවර හේතුවෙන් අපනයන සමාගම්වල සහ විදේශ රැකියාවන්හි නි‍රතවූවන් ශ්‍රී ලංකාවට එවන විදේශ විනිමය ප්‍රමාණය කෙරෙහි විශාල බලපෑමක් සිදුවනු ඇතැයි විශ්වාස කෙරේ.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (23) ගනුදෙනු 10,457ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,369ක් ලෙස වාර්තා විය.  ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 32කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 10,457ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 375
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 175
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 144

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 47
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 13
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 02

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල්  සමාගම 25%
  • ඔටෝ ඩ්‍රම්ප්ට් සමාගම 15%
  • රිසියුස් එනර්ජි සමාගම 10%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 497
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 374
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  217

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් 200,000ක් රුපියල් 260.00 බැගින්
  • වෝකර් ඇන්ඩ් ග්‍රෙග් කොටස් මිලියනයක් රුපියල් 38.00 බැගින්
  • ආසිරි රෝහල් සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 41.00 බැගින්

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 26ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 05 කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 21ක් ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 14
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 02
  • ඇස්කොට් සමාගම රුපියල් මිලියන 02
  • ලංකා අයි‍ඕසී සමාගම රුපියල් මිලියන 01
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් රුපියල් මිලියන 02

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඒසියා සියාකා සමාගම රුපියල් මිලියන 04
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 0.6
  • අමානා බැංකුව රුපියල් මිලියන 0.3

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img