-2.1 C
New York

කැබිනට් තීරණ දැනුම් දීමේ දී මාධ්‍යවේදීන්ට කෙනෙහිලි, ඇමති රමේෂ් සමාව ගනී

Published:

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා ඊයේ (22) පැවැති සාකච්ඡවේ දී මාධ්‍යවේදීන්ට නිසි අවස්ථාව ලබා නොදුන් බවත් ඇතැම් මාධ්‍යවේදීන්ට ප්‍රශ්න අසා අවසන්වීමට පෙර ඔවුන්ගේ මයි‍ක්‍රෆෝන වසා දැමූ බවටත් චෝදනා එල්ල වී තිබේ.

මාධ්‍යවේදීන් විසින් මෙම චෝදනාව එල්ලකර ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ වෙතය. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් ඔහු මීට පෙර සතියේ සහ ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේ මෙහෙයවන්නා ලෙස කටයුතු කළේය.

එහි දී ඔහු අත්තනෝමතික ලෙස සාකච්ඡාව මෙහෙයවූ බවට මාධ්‍යවේදීහු චෝදනා කරති.

කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාව කොරෝනා වසංගතය හේතුවෙන් පැවැත්වෙන්නේ Zoom  App භාවිතයෙනි. එහි දී මාධ්‍යවේදීන් ප්‍රශ්න ඇසීමට ඇති අවස්ථාව ඉල්ලා සිටින අනුපිළිවෙලට ඔවුන්ට අවස්ථාව ලබාදෙයි. එමෙන් ම ප්‍රශ්නයක් අසන මාධ්‍යවේදියාගේ මයික්‍රෆෝනය ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රියාවිරහිත කිරීමට එම රැස්වීමේ මෙහෙයවන්නාට හැකියාව ඇත.

MediaLK.com වෙබ් අඩවියේ සංස්කාරක මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඊයේ සිය facebook ගිනුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ තමන් ප්‍රශනය ඇසීමටත් පෙර මයික්‍රෆෝනය ක්‍රියාවිරහිත කර තිබූ බවයි.

ඔහු එම සටහන තබා තිබුණේ මේ ආකාරයෙනි.

එමෙන් ම News24 ආයතනයේ අසංක අතපත්තු සහ LankaENews ආයතනයේ අතුල ඇතුළත්මුදලි ද පවසන්නේ මිලින්ද රාජපක්ෂ මෙතෙක් පැවැති සම්ප්‍රදාය කඩ කරමින් මාධ්‍යවේදීන්ට අනුපිළිවෙලට අවස්ථාව නොදී අත්තනෝමතික ලෙස කටයුතු කරන බවයි.

එහි දී අසංක අතපත්තු කියා සිටියේ මිලින්ද රාජපක්ෂගේ පත්වීම දේශපාලන පත්වීමක් වුව ද තමන් ප්‍රශ්න අසන්නේ ජනතා වෙනුවෙන් බවයි. තමන්ගේ ප්‍රශ්නය පස්සට ඇද දමා ජනතාවගේ ප්‍රශ්නය ද පස්සට ඇද දැමිය නොහැකියැයි ඔහු කීවේය.

කෙසේ වෙතත් මාධ්‍යවේදීන්ගේ මේ චෝදනාවට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශක වැවිළි අමාත්‍ය රමේෂ් පතිරණ තමන් සමාව ඉල්ලා සිටින බව ද කියා සිටියේය.

Related articles

Recent articles

spot_img