-4.8 C
New York

බලශක්ති ඇමතිගේ රියදුරාට පහර දී මරාදාලා

Published:

ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගේ ආරක්ෂක රථයේ රියදුරාට පොරු මුගුරුවලින් සහ තියුණු ආයුධයකින පහර දී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කැස්බෑව, මාවිත්තර ගම්මාන වත්තේපදිංචි 41 හැවිරිදි පස්දරු පියෙකි.

ඔහුගේ නිවස ඉදිරිපිට මාර්ගයේ අධික වේගයෙන් යතුරුපැදියක් ධාවනය කළ පුද්ගලයකු සමඟ ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව කෝපයට පත් යතුරුපැදිකරු තවත් පිරිසක් සමඟ පැමිණ එම රියදුරාට පහර දී ඇති බව ද මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

තුවාල ලැබූ රියදුරා පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු කීවේය.

ඝාතකයන් සොයා පරීක්ෂණ බවත් ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් කැස්බෑව පොලිසිය පවසයි.

Related articles

Recent articles

spot_img