-5.9 C
New York

“මට කවුරුවත් ගැහුවේ නෑ” – ඇමති කනක හේරත් කියයි

Published:

ගෑස් පොලිමක සිටි පිරිසක් රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ට ගෑස් සිලින්ඩයරයකින් පහර දුන් බවට පැතිර යන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නැතැයි රාජ්‍ය අමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

කොළඹ, මහනුවර මාර්ගය කෑගල්ලේ රංවල ප්‍රදේශයේ දී මාර්ගය හරස් කළ ප්‍රදේශවාසීන් පිරිසක් අළෙවි නියෝජිතයන් ගෑස් සඟවාගෙන සිටින බවට චෝදනා කළ.

මෙම ස්ථානයෙන් යාමට ගිය රාජ්‍ය අමාත්‍යවරයාට ද ඔවුන් ගෑස් සිලින්ඩරයකින් පහරදුන් බවට වාර්තා විය.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් එම පුවත ප්‍රතික්ෂේප කරයි. ඔහු පවසන්නේ කෑගල්ලේ ජනතාව තමන් සමඟ සිටින බවයි. මෙවැනි පුවතක් තම විරුද්ධවාදීන් විසින් ප්‍රචාරය කරන බව ද ඔහු පවසයි.

Related articles

Recent articles

spot_img