spot_img
spot_imgspot_img

ආර්ථික කමිටුව ජනාධිපතිවරයාට භාරදුන් යෝජනා ගැන ආයෝජකයෝ විමසිල්ලෙන්

පුවත්

විදෙස්

ජනාධිපතිවරයාගේ විසින් පත්කරන ලද ශ්‍රී ලංකාවේ වෘත්තීයවේදීන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් සමන්විත ආර්ථික සංවර්ධන කමිටුව තම කෙටි කාලීන සහ මධ්‍ය කාලීන යෝජනා අද (21) ජනාධිපතිවරයා වෙත භාර දී ඇත.

ආර්ථික සංවර්ධන උපදේශක කමිටුව යෝජනා 05ක් ඉක්මණින් ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී ඇත. තාක්ෂණික ඇගයීම් කමිටුවක් මහ බැංකුවේ සහ භාණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන් නියෝජනය කරමින් වහාම පත්කිරීම, රජයේ ප්‍රධාන මූල්‍ය උපදේශකවරයෙක් සහ නිති උපදේශකවරයෙක් පත්කිරීම, ජාත්‍යන්තර මූළ්‍ය ආයතනවල සහයෝගය ලබාගෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව වහාම තාක්ෂණික කමිටුවක් පත්කිරීම, මූල්‍ය විශේෂඥවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් මුදල් අමාත්‍යාංශය සඳහා පත්කිරීම, ශ්‍රී ලංකාවට භාණ්ඩ සපයන්නන්ගේ විශ්වාසය ගොඩනැගීම සඳහා ඉක්මණින් කටයුතු කිරීම එම යෝජනා අතර වෙයි.

එම කමිටුවේ යෝජනාවලිය අනුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා සමඟ ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් අර්බුදය විසඳන ආකාරය පිළිබඳ ආයෝජකයන්ගේ අවධානය යොමුව ඇත.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) ගනුදෙනු 13,903ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,112ක් ලෙස වාර්තා විය.  ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 67.9කින් ඉහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 10,421ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 194
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 120
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 79

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 10
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 10
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මල්ටි ෆිනෑන්ස්  සමාගම 25%
  • සෙගසස් හොටෙල් සමාගම 19%
  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම 12%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 502
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන382
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  217

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 53ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 11 කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 42ක් ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 24
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 08
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 05
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 03
  • එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 02

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හේමාස් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 05
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 0.9
  • කාසන් කම්බැච් සමාගම රුපියල් මිලියන 0.3
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 0.2
  • වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 0.1

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!