ගාල්ල ධීවර වරායේ PCR 726ක ප්‍රතිඵල බලාපොරොත්තුවෙන්

0
336

ගාල්ල ධීවර වරායේ ධීවරයන්, ව්‍යාපාරිකයන්, ලොරි රියදුරන් ඇතුළු විවිධ සේවා සපයන්නන් 726ක් සඳහා සෙනසුරාදා (24) දිනයේ පීසීආර් පරීක්ෂණ සිදුකළ බව ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මීට පෙර සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් ගාල්ල ධීවර වරායේ 05 දෙනකු හා සේවා සපයන හික්කඩුවේ පදිංචිකරුවන් 02ක් ආසාදිත බව තහවුරු වී තිබිණි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ ඊයේ (24) දිනයේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලට අදාල ජෛව සාම්පල කට්ටල සියල්ල රාත්‍රියේ ම කරාපිටිය ශික්ෂණ රෝහලට යැවූ බවයි. එම වාර්තාවල ප්‍රතිඵල ලැබෙන තුරු පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාදුන් සියලුම දෙනාට නිවෙස්වලට වී සමාජය ඇසුරින් දුරස්වී සිටින ලෙස උපදෙස් දුන් බවත් එහි වැදගත් කම සියලු දෙනාට ම වටහා දුන් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගැනීමේ කටයුතු ඊයේ (24) ආරම්භ කළ අතර ජෛව සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා භාර දෙනවිට මධ්‍යම රාත්‍රියට ආසන්න වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here