-4.8 C
New York

දකුණේ පාසල් විභාග කාල සටහනේ වෙනසක්

Published:

දකුණු පළාත් පාසල් විභාග කාල සටහන සංශෝධනය කිරීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

සෙනසුරාදා දිනයේ දී ද වාර විභාග පැවැත්වීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබූ අතර ලංකා ගුරු සංගමයෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වී තිබිණි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් ප්‍රකාශ කර සිටියේ රාජකාරී නොවන දිනයක දී විභාග පැවැත්වීම ගැටලුකාරී බවයි. එබැවින් එය සාමාන්‍ය පාසල් පැවැත්වෙන දිනයක දී සිදුකරන ලෙස ද ඉල්ලා තිබිණි.

‍මේ අනුව දකුණු පළාත් පාසල් වාරවිභාග සෙනසුරාදා දිනයන්හි නොපවත්වීමට තීරණය කළ දකුණු පළාත් සභාව ‍ඒ සඳහා නව කාල සටහන් නිකුත් කර ඇතැයි ලංකා ගුරු සංගමයේ මධ්‍ය විධායක සභික කැලුම් ද සිල්වා පවසයි.

Related articles

Recent articles

spot_img