-4.8 C
New York

ඉන්ධන පෝළිමේ ආරවුල ඝාතනයක් දක්වා දුරදිග යයි

Published:

නිට්ටඹුව, හොරගොල්ල ඉන්ධන පිරවුම්හළක දී ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගල ඝාතනයක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (20) රාත්‍රී ඉන්ධන ලබාගැනීමට පැමිණි ත්‍රී රෝද රථ රියදුරකු සහ යතුරුපැදිකරුවකු අතර ආරවුලක් හටගෙන ඇති අතර ඉන්ධන ලබාගෙන පිටව ගිය ත්‍රී රෝද රථ රියදුරා මද දුරක් ගොස් සැඟවී සිට යතුරුපැදිකරුට තියුණු ආයුධයකින් පහර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ කොළඹ 14 පදිංචි 28 හැවිරිදි තරුණයෙකි. තුවාල ලැබූ ඔහු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

ඝාතනය සිදුකළ බවට සැකකරන ත්‍රී රෝද රථ රියදුරා අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

spot_img