කඩදාසි නොමැතිවීම හේතුවෙන් රජයේ ආයතනවලට අවශ්‍ය මුද්‍රිත ලිපි ලේඛන සැපයීම නතරකිරීමට සිදුව ඇතැයි වාර්තාවේ.
මේ අනුව ලබන වසර සඳහා පෙළ පොත් මුද්‍රණය ද මේ වනවිට ගැටලුවක් වී තිබේ. එමෙන් ම විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය ද ගැටලුකාරී වී ඇති අතර ඩොලර් නොමැතිවීමෙන් මුද්‍රණ කඩදාසි ටොන් 1,000ක් ලබාගැනීමට නෙහැකිවීම හේතුවෙන් මෙම ප්‍රශ්න හටගෙන ඇති බව එහි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයෝ කියති.
රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ පවසන්නේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ඇණවුම් කළ භාණ්ඩ මුලදී නියම කෙරුණු මිල ගණන්වලට සැපයීමට සැපයුම්කරුවන් අකමැති වීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වය මතු වී ඇති බවයි.
ඩොලරයේ මිල ඉහළ යෑම නිසා ඊට සාපේක්ෂව එම ඇණවුම් කළ භාණ්ඩවලට ගෙවීම් කරන ලෙස සැපයුම්කරුවන් ඉල්ලීම් කර ඇතැයිද ඇය සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් තමා මහ භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරගෙන යන බවද ලියනගේ මහත්මිය කීවාය.
දැනට පවතින කඩදාසි සංචිතවලින් මුද්‍රණ කටයුතු කරගෙන යන බවත් තීන්ත සහ ප්‍ලේට් සැපයීම ද ප්‍රමාදවී ඇතැයි ඇය පවසයි.