-4.8 C
New York

රිය අනතුරකින් කුඩා දරුවෙකුට දිවි අහිමිවෙයි

Published:

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශයේ දී ඊයේ (19) සිදුවූ අනතුරකින් වයස අවුරුදු 05ක් වූ පිරිමි දරුවකු මියගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්ත් කඩුවෙළ වැලිවිට පදිංචි මනුජල් සන්දීප් නමැති දරුවෙකි.

කොන්ගස්දෙණිය ප්‍රදේශයේ පාර අයිනේ නවතා තිබූ ලොරියක වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. වෑන් රථය කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබිය දී නවතා තිබූ ලොරියේ වැදී ඇති අතර වෑන් රථයේ ඉදිරිපස් වම් පැත්තේ සිටි දරුවා බරපතල තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇති බව පොලිසිය කියයි.

කඩුවෙළ සිට අනුරාධපුරයේ වන්දනාගමනක් යන අතරතුර රියදුරාට වෑන් රථය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇත. මියගොස් ඇත්තේ රිය පැදවූ පුද්ගලයාගේ පුතෙකි.

අනතුරින් තුවාල ලැබූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති අතර තවත් කාන්තාවන් තිදෙනකු සහ පිරිමි දරුවකු ද වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබයි.

Related articles

Recent articles

spot_img