-5.9 C
New York

ඉන්ධන නැති නිසා, දකුණු පළාත් සභාවේ ආයතන රැසක් වසා දැමීමට නියෝගයක්

Published:

රටේ ඇති ආර්ථික ගැටලු සහ ඉන්ධන ‍නොමැතවීම හේතුවෙන් දකුණු පළාත් සභාවට අයත් ආයතන 07ක් සතියේ වැඩකරන දිනයක් වසා තැබීමට දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.පී. ද සොයිසා නියෝග කර තිබේ.

මේ සම්බන්ධයෙන් මාර්තු 15 දිනැතිව CSS/03/01/i/පොදු වශයෙන් උපදෙස් නිකුත් කර ඇත. එම උපදෙස්වල දැක්වෙන්නේ ආණ්ඩුකාර විලී ගමගේ සමඟ කරන ලද සාකච්ඡාව සහ ආණ්ඩුකාර ලේකම්ගේ අංක G/SP/CMA/CR දරණ 2022-03-15 දිනැති ලිපියෙන් ලැබුණු අනුමැතිය අනුව මෙම උපදෙස් නිකුත් කරන බවයි.

ඕ අනුව දකුණු පළාත් සභා ලේකම් කාර්යාලය, දකුණු පළාත් නිවාස කොමසාරිස් දෙපාර්තමේන්තුව, දකුණු පළාත් රුහුණු සංචාරක කාර්යාංශය, දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ දකුණු පළාත් සංවර්ධන අධිකාරිය යන ආයතන 06 සිකුරාදා දිනවල වසා තැබීමට නියෝග කර ඇත. මීට අමතරව වක්වැල්ලල කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය සඳුදා දිනවල දී වසා තැබීමට ද නියෝග කර තිබේ.

එම ලිපියේ දැක්වෙන්නේ මාර්තු මස 15 වැනි දා සිට අප්‍රේල් මස 30 වැනි දා දක්වා මෙලෙස එම ආයතන වසා තැබිය යුතු බවයි. ඊයේ (18) දිනයේ ද ආයතන 06ක් වසා තැබුණු අතර සේවා ලබාගැනීම සඳහා පැමිණි විශාල පිරිසක් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට ලක්ව තිබිණි.

Related articles

Recent articles

spot_img