කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වැදගත් ජලාශ්‍රිත පරිසරයක්වන බොරලැස්ගමුව වැවේ අද තත්වයයි මේ.
ඉතාමත් ජනාකීර්ණ ප්‍රදේශයක වුව ද ජලජ පරිසරයක් සුපිරිසිදුව තබාගැනීම ජනතාවගේ වගකීම සහ යුතුකම වුවද පරිසරය ගැන කිසිදු තැකීමක් නොකරන තමන්ගේ සියලු අපද්‍රව්‍ය ජල මාර්ගවලටත් අවට තැන තැනටත් මුදාහරින පිරිස් හේතුවෙන් බොරලැස්ගමුව වැව අතිශයින්ම දූෂිත පරිසරයක් බවට පත්ව ඇත.
මේ එහි එක් පසෙක ගොඩගැසී ඇති, ප්ලාස්ටික් බෝතල්, වීදුරු බෝතල්, වෙනත් ප්ලාස්ටික් සහ රිජිෆෝම් කැබලි ඇතුළු අපද්‍රව්‍ය තොගයකි. මේ සියල්ල මිනිසා විසින් පරිභෝජනය කර පරිසරය ගැන කිසිදු වගවිභාගයක් නැතිව මුදාහැර ඇති ද්‍රව්‍යයන්ය.
මේ විනාශයට වගකිව යුතු මිනිසාම හැර වෙනත් සත්වයකු නොවේ.
ඡායාරූප – Dumindaka Maduranga Weeratunga ගේ facebook Profile එකෙනි.
