පාසල් සිසුවකු ලිංගික අපයෝජනයට යොදා ගත්තේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් තමන් අත්අඩංගුවට ගතහොත් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ ප්‍රධාන පාසලක තොරතුරු තාක්ෂණ ගුරුවරියක් අද (18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමවේ අපේක්ෂිත ඇප අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළාය.
වයස අවුරුදු 16ක පාසල් සිසුවකු වසර 04ක කාලයක් අපයෝජනයට ලක්කළා යැයි ඇයට චෝදනා එල්ල වී තිබේ.
මේ වනවිට වයස අවුරුදු 20ක් වන එම තරුණයා තමන්ට විවාහ යෝජනා ඉදිරිපත් කරන බවත් ඊට අකමැති වීම හේතුවෙන් තමන් ඔහු සමඟ එකට සිට ලබාගත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම නිවසට ලැබීමට සළස්වා ඇති බවත් ඇය අධිකරණයට දැනුම් දී තිබේ. මේ හේතුවෙන් තමන් වින්දිතයකු වී ඇති බවත්, මේ සිද්ධියට සම්බන්ධව ළමා හා කාන්තා කාර්යාංශය පළමුවෙන් පැමිණිලි කළේ තමන් බවත් ඇය අධිකරණයට දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් තමන් සිසුවා අපයෝජනයට ලක්කර ඇතැයි යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවට තොරතුරු ලැබීම හේතුවෙන් සුදුසු ඇපයක් මත තමන් මුදා හරින ලෙස එම ගුරුවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.