-4.8 C
New York

සඳුදාට ඩීසල් අවසන්. නැවට ගෙවන්න ඩොලර් නෑ. බලශක්ති අමාත්‍යාංශය බැංකු පස්සේ යයි

Published:

ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන සහිත නැවකට ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් නොමැතිවීම හේතුවෙන් එම තෙල් රැගෙන ආ නෞකාවක් දින 06ක් පුරා කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇත.

එම නැවෙහි අඩංගු තෙල් සඳහා ගෙවිය යුතු මුදල ඩොලර් මිලියන 42ක් බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම මුදල් ප්‍රමාණය කිසිම බැංකුවකින් ලබාගත නොහැකි වූ බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා මාධ්‍යවේදීන් විමසූ විට කියා සිටියාය. ඇය පවසන්නේ ලබන සඳුදා වනවිට එම මුදල් ගෙවා නැවෙහි ඇති ඉන්ධන බා ගැනීමට හැකිවනු ඇති බවයි.

එම නෞකාවේ ඩීසල් මෙට්‍රික්ටොන් 20,000ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000ක් අඩංගු වෙයි. අමාත්‍යාංශය පවසන්නේ මෙම නැව නැංගුරම්ලා ඇති දිනවල දී ප්‍රමාද ගාස්තු වශයෙන් එක් දිනකට ඇමෙරිකානු ඩොලර් 19,000ක් බැගින් ගෙවීමට සිදුවන බවයි.

මෙම නැවට ගෙවීමට අවශ්‍ය මුදල් පුද්ගලික බැංකුවකින් හෝ ලබාගන්න යැයි මහ බැංකුව බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී ඇති බැවින්, අද (18) අමාත්‍යාංශය බැංකු සමඟ සාකච්ඡා කළ ද එම සාකච්ඡා සාර්ථක වී නැත.

අමාත්‍යාංශ ලේකම්වරිය පවසන්නේ මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ඩීසල් හිඟයක් පවතින බවයි. නමුත් පෙට්‍රල් ප්‍රමාණවත් තරම් ඇති බව ද ඇය පෙන්වා දෙයි. දින දෙකකට ප්‍රමාණවත් යැයි දැනට ගණනය කර ඇති ඩීසල් වෙළෙඳ පොළට නිකුත් කළ විට දැන් එය පැය තුනකින් පමණ අවසන්වීමේ ගැටලුවක් ඇති  බව ද ඇය කීවාය. කෙසේ වෙතත් සඳුදා (21) දක්වා ප්‍රමාණවත් ඩීසල් ඇති බව ද අමාත්‍යාංශ ලේකම්වරිය පවසයි.

තවත් ඩීසල් නැවක් ඉරිදා (20) ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතය. නමුත් එම නෞඛාවට ගෙවීමට ද මෙරට ඩොලර් නැත.

Related articles

Recent articles

spot_img