-4.8 C
New York

ධම්මික පෙරේරා ඩොලර් බිලියනයක් ගෙනවිත් දෙන බවට පොරොන්දු වෙයි

Published:

ජනාධිපතිවරයාගේ යෝජිත ආර්ථික උපදේශන කමිටුවේ සාමාජික ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා විසින්, ශ්‍රී ලංකාව වෙත ඔහුගේ ස්වර්ණමය පාරාදීසය ව්‍යාපෘතිය යටතේ ඩොලර් බිලියනයක් රැගෙන ඒමේ අභියෝගය භාරගෙන ඇති අතර මෙම විදේශ ආයෝජන සමඟ කොටස් වෙළෙඳ පොළ ඉහළ යනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකර සිටිති.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) ගනුදෙනු 18,157ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,417ක් ලෙස වාර්තා විය.  ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 131කින් ඉහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 10,353ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 323
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 188
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 96

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 17
  • එස්එන්බී ලීසිං (X) සමාගම කොටස් මිලියන 10
  • ඩයලොග් ආසියාටා සමාගම ‍කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ලංකා ‍වෙන්ජර්ස් එනර්ජි සමාගම 16%
  • මුලර්ස් සමාගම 15%
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් 14%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 507
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන380
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  216

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 87ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 21 කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 66ක් ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 66
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 07
  • ඇස්කොට් සමාගම රුපියල් මිලියන 04
  • සොෆ්ට් ලොජික් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 01
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 01

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 05
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 04
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 02
  • එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 02
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img