spot_img
spot_imgspot_img

රජයේ රෝහල් අඩපණ වන ලකුණු ?

පුවත්

විදෙස්

රජයේ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ, ඉන්ධන සහ ගෑස් නොමැතිවීම හේතුවෙන් රෝහල් සේවා ඉදිරි සතියක කාලයක් ඇතුළත අඩපණවීමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘තව සතියක් යද්දී ලංකාවේ සියලූ රජයේ රෝහල් වැහෙන තත්ත්වයට පත්වේවි. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රැකියාව සඳහා එන්න ඉන්ධන නැහැ. රෝගීන්ට දෙන්න ඖෂධ නැහැ. ගිලන්රථ ඇතුළු සේවා සඳහා ප්‍රමාණවත් ඉන්ධනත් නැහැ. බලධාරීන් මේවාට කඩිනම් විසඳුම් ලබා දෙන්නේ නැත්නම් රෝහල් පද්ධතිය බිඳ වැටීම වැළැක්විය නොහැකි වේවි. දැනටමත් කළුබෝවිල රෝහලේ ආපන ශාලාව වසා දමලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!