-4.8 C
New York

ඉන්ධන හිඟය නිසා ගිනි නිවීමත් නවතී ?

Published:

ඉන්ධන නොමැතිවීමම ‍හේතුවෙන් කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු ඇණහිටීමේ අවදානමක් හටගෙන ඇතැයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.

රුපියල් කෝටි 297ක් වැයකර මෙරටට ගෙන්වන ලද ගනි නිවීමේ රථ 15ක් ද පසුගිය දා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව භාරයට පත්කෙරිණි.

එම රථ කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රයෝජනයට ගෙන පැරණි රථ වෙනත් පළාත්වලට ලබාදීමට නියමිතය. කෙසේ වෙතත් මෙම නව රථ සඳහා සුපර් ඩීසල් යෙදිය යුතු බවත් මේ වනවිට සුපර් ඩීසල් නොමැතිවීම හා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සතු ඉන්ධන සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් හදිසි ගින්නක් ඇතිවුවහොත් බරපතල අවදානමක් තිබෙන බව ද එහි ප්‍රකාශකයකු කීවේය.

ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරී පී.ඩී.කේ.ඒ.විල්සන් පවසන්නේ ගිනි නිවීමේ රථ සඳහා ඉන්ධන ලබාදීමේ විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි.

Related articles

Recent articles

spot_img