-5.9 C
New York

වලස්මුල්ලේ දී බසයක් අනතුරක. පාසල් සිසුන් 15ක් රෝහලේ

Published:

පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් අද (17) වලස්මුල්ල හඳුගල හිඟුරුවත්ත පාලම ආසන්නයේ දී අනතුරටලක්වීමෙන් සිසුන් 15ක පමණ පිරිසක් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

අනතුරට ලක්වන අවස්ථාවේ බසයේ සිසුන් 30ක්, ගුරුවරු දෙදෙනකු සහ දෙමාපියන් 06 දෙනකු සිටි බව ද අනාවරණය වී ඇත. බසය මාතර සිට පැමිණ ඇති අතර තිරිංග අක්‍රියවීමෙන් බසය ගසක වැදී මෙම අනතුර සිදුව ඇත.

සිසුන්ට ඇතතේ සුළු තුවාල බවත්, තුවාල සඳහා ප්‍රතිකාර ලබා ඔවුන්ට පිටව යා හැකි බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි.  

Related articles

Recent articles

spot_img