2.4 C
New York

ජනපති විවේචනය කළා යැයි රූපාවාහිනී නිවේදිකාවක් පන්නා දමයි

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විවේචනය කරමින් facebook සටහනක් තැබූ ජාතික රූපවාහිනී නිවේදිකා පාරා නිලේප්තා රණසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත්කර ජාතික රූපවාහිනී පරිශ්‍රයට පැමිණීම පවා තහනම් කිරීමට එහි පරිපාලනය කටයුතු කර තිබේ.

මේ බව සඳහන් කරමින් ඇය තම facebook  ගිනුමේ විශේෂ සටහනක් ද තබා ඇත.

රිවිදින අරුණැල්ල, නුග සෙවණ, සුසර දැහැන, චක්‍රාවාටය, Hard Talk සහ ගුරුතලාව යන වැඩසටහන් මෙහෙයවමින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ඇය හඬ කැවීමේ ශිල්පිනියක ලෙස ද කටයුතු කළාය.

ඇය පළකර තිබූ පෝස්ටුව
තමන්ට සිදුවූ දේ පිළිබඳ ඇයගේ ප්‍රකාශය

Related articles

Recent articles

spot_img