කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) ගනුදෙනු 23,840ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,921ක් ලෙස වාර්තා විය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 61කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 10,221ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,032
- මල්ටි ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 401
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 193
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- මල්ටි ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 41
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 19
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 10
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- බ්ලූඩයමන්ඩ් සමාගම (X) 33%
- බ්ලූඩයමන්ඩ් සමාගම 14%
- බේරුවල රිසෝට් 10%
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 490
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 367
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 210
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- එන්බීබී සමාගම කොටස් ලක්ෂ 19ක් රුපියල් 59.90 බැගින්
- මල්ටි ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 41ක් රුපියල් 9.80 බැගින්
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 37ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 02ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 35ක් ආයෝජනය කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 19
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 3.4
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 3
- ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 2.8
- ඇලුමැක්ස් සමාගම රුපියල් මිලියන 1.8
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- සිංගර් ෆිනෑන්ස් සමාගම රුපියල් 533,000
- සමූපකාර රක්ෂණ සමාගම සමාගම රුපියල් 160,000
- ත්‍රී ඒකර් ෆාම් සමාගම රුපියල් 10,000.00
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ