-4.8 C
New York

ශ්‍රී ලංකාවේ සංචාරය අවදානම් යැයි, බ්‍රිතාන්‍යය තම වැසියන්ට දැනුම් දෙයි

Published:

භාණ්ඩ ආනයනය කිරීමට අවශ්‍ය මුදල් හිඟවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන, ඖෂධ හා ආහාර ඇතුළු මූලික අවශ්‍යතා හිඟයක් ඇති වී ආර්ථිකය කඩා වැටී ඇති බවත්, සිල්ලර වෙළෙඳ සැල්, ඉන්ධන පිරවුම්හල් සහ ෆාමසිවල දිගු පෝළිම් තිබෙන බවත් එම අනතුරු ඇඟවීමේ දක්වා ඇත.

එමෙන් ම විදුලිය ඇණහිටීම් නිතර නිතර සිදුවන බවත් පවසන එක්සත් රාජධානිය 2019 එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වැනි අවදනාම් තවදුරටත් පවතින බව ද පවසයි. රටපුරා ම ඩෙංගු රෝගය පැතිරයන බවත් එම අනතුරු ඇඟවීමේ දක්වා තිබේ.

මීට අමතරව එම නිවේදනයේ දැක්වෙන්නේ තවමත් ශ්‍රී ලංකාවේ ප්‍රජාව තුළ කොරෝනා රොගීන් බහුළවීම හේතුවෙන් කෙටි දැනුම්දීමකින් ගුවන් ගමන්, ගුවන්තොටුපොළ මෙහෙයුම්වල වෙනස්කම් ඇතිවිය හැකි බවයි. එමෙන් ම කෙටි දැනුම් දීමකින් ගමන් බිමන් සීමාවිය හැකි බව ද ඔවුන් අනතුරු අඟවා ඇත.

එබැවින් ශ්‍රී ලකාවේ සංචාරය කරන්නේ නම් කොරෝනා වයිරසය ගැන දැනුම්වත්ව සිටීම, සෞඛ්‍ය ආරක්ෂණ පිළිපැදීම, එන්නත් පිළිබඳ සාක්ෂි රැගෙන යාම අත්‍යාවශ්‍ය බව ද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවට යන්නේ නම් එක්සත් රාජධානියේ හදිසි උපකාරය ලබාගැනීම සඳහා ළඟම ඇති බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය, කොන්සල් කාර්යාලය හෝ මහ කොමසාරිස් කාර්යාලය අමතන ලෙස ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

https://www.gov.uk/foreign-travel-advice/sri-lanka

Related articles

Recent articles

spot_img