-5.9 C
New York

බස් ගාස්තු හෙට සිට ඉහළට

Published:

බස් ගාස්තු හෙට (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබේ.

බස් හිමියන්ගේ සංගම්, ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත් බස් ගාස්තු සංශෝධනය හෙට (14) පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් පසු සිදුකිරීමට නියමිතව තිබේ.

දැනට රුපියල් 17.00ක් වන අවම බස්ගාස්තුව රුපියල් 19.00ක් හෝ 20.00ක් දක්වා ඉහළ නැංවීමටත්, අනෙක් බස් ගාස්තු ද ඊට සාපේක්ෂව ඉහළ දැමීටමත් හෙට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කරනු ඇත.

Related articles

Recent articles

spot_img