-5.9 C
New York

ඉන්ධන මිල වැඩිවීමෙන්, ආයෝජකයන්ට බලපෑම්

Published:

ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ සියලු සමාගම්වල නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ලාභාංශ අඩුවිය හැකි බවට ද, ශ්‍රී ලංකාවේ බොහේ වාණිජමය බැංකු ලබාගෙන ඇති ඩොලර් ණය සඳහා ගෙවිය යුතු වාරික වටිනාකම ඉහළ යාමෙන් ලාභ ප්‍රතිශතයන් අඩුවිය හැකි බවට ද ආර්ථික විශ්ලේෂකයෝ අදහස් පළ කරති. .

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (11) ගනුදෙනු 26,703ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,054ක් ලෙස වාර්තා විය.  

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 178කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 10,677ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 792
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 349
  • එල්ඕඑල්සී ෆයිනෑන්ස් සමාගම රුපියල් මිලින 259

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 30
  • ඒසියා කැපිටල් සමාගම කොටස් මිලියන 12
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 37

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූ ඩයමන්ඩ් සමාගම (X) 33%
  • මර්චන්ට් ෂිපිං සමාගම 13%
  • හේලීස් ෆයිබර් සමාගම 12%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 543
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 398
  • ජෝන් කීල්ස් ‍හෝල්ඩින්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  206

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඒෂියා කැපිටල් සමාගම කොටස් මිලියන 12.7ක් රුපියල් 7.00 බැගින්
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 7.6ක් රුපියල් 11.00 බැගින්

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 82ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 98ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 16ක් ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 23
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 15
  • ඇස්කොට් සමාගම රුපියල් මිලියන 11
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 11
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 04

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඒෂියා කැපිටල් සමාගම රුපියල් මිලියන 84
  • ප්‍රීමා සමාගම රුපියල් මිලියන 04
  • සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 1.5
  • අගලවත්ත වැවිලි සමාගම රුපියල් මිලියන 0.5
  • එල්ඕඑල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 0.4

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img