-2.1 C
New York

ඉන්දීය හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ

Published:

ඉන්දීය හමුදාවේ චීටා හෙලිකොප්ටර් යානයක උතුරු කාශ්මීරයේ ගුරේස් ප්‍රදේශයට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින් දිවි ගලවාගත් අය පිළිබඳ සොයා බැලීම සඳහා ගලවාගැනීමේ කණ්ඩායම් එම ප්‍රදේශයට පිටත්කර යවා ඇත.

හමුදාවේ උසස් නිලධාරියකු පුවත් ඒජන්සියකට පවසා ඇත්තේ මෙම යානය ගොඩබැස්වීම සඳහා ආසන්නව තිබුණ ද අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් තරමක් ඉවත්ව ගොස් ඇති බවයි. එම ප්‍රදේශයට හිම පතනය පවතින බව ද දැනගන්නට ඇත.

වැඩි විස්තර මෙතෙක් වාර්තා වී නැත.

https://indianexpress.com/article/india/indian-army-helicopter-crashes-in-kashmirs-gurez-7815111/

Related articles

Recent articles

spot_img