-5.9 C
New York

කෑගල්ලේ එකම ක්‍රීඩා පාසල සංවර්ධනයට පියවර ගනී

Published:

තෝලංගමුව ඩඩ්ලි සේනානානයක මධ්‍ය මහා විද්‍යාලයේ සංවර්ධන කටයුතු සොයා බැලීම පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්.වීරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි එකම ක්‍රීඩා පාසලවන එම විද්‍යාලයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 250ක මුදලක් වෙන්කර ඇත.

ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි. පාසලේ ක්‍රීඩාංගණය පුළුල් කිරීම, සිසු සිසුවියන්ගේ නේවාසිකාගාර අලුත්වැඩියා කිරීම, ක්‍රීඩා පිටියට අවශ්‍ය ජල පහසුකම් සැපයීම, තණ පිඩලි සැකසීම සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකිරීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා වරකාපොළ ප්‍රාදේශීය ලේකම් රංගන සංජීව, දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිකාරිනී ජේ.ඒ.ඒ.සී.නිමල්ගොඩ ඇතුළු නිලධාරීන් සහභාගී විය.

Related articles

Recent articles

spot_img