-5.9 C
New York

එක්ස්පෝ ලංකා සමාගම දිනකදී බිලියන 92ක වර්ධනයක්. කොටස් වෙළෙඳ පොළත් ඉහළට

Published:

දින කිහිපයක් තිස්සේ කොළඹ කොටස් වෙළෙඳ පොළ කොටස් මිල දර්ශකයන් සීඝ්‍ර ලෙස පහළ බැසීමක් සිදුවිය. කෙසේ වෙතත් අද (10) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලු දර්ශකයන් අසාමාන්‍ය වර්ධනයක් පෙන්වා ඇත. එක්ස්පෝ ලංකා සමාගම අද දිනයේ දී පමණක් සිය වත්කම් රුපියල් බිලියන 92කින් ඉහළ නංවා ගැනීමට සමත් වී ඇත.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) ගනුදෙනු 32,444ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,577ක් ලෙස වාර්තා විය.  

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 692කින් ඉහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 10,856ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,339
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 473
  • එල්ඕඑල්සී ෆයිනෑන්ස් සමාගම රුපියල් මිලින 180

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 43
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 10
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සිංහ පුත්‍ර ෆයිනෑන්ස් සමාගම (P) 62%
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් 30%
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම 25%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 561
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 416
  • කම‍ර්ෂල් ලීසිං  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  221

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 41ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 19ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 22ක් ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර

  • ඇක්ස්කොට් සමාගම රුපියල් මිලියන 07
  • බයිරහාම් ෆාම් සමාගම රුපියල් මිලියන 05
  • හේලීස් සමාගම රුපියල් මිලියන 05
  • බ්‍රවුන්ස් සමාගම රුපියල් මිලියන 03
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 02

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 02
  • ඒසියා සියාකා සමාගම රුපියල් මිලියන 01
  • එච්එන්බී සමාගම රුපියල් මිලියන 01
  • එක්ස්‍පෝ ලංකා සමාගම රුපියල් මිලියන 01
  • සිංගර් ශ්‍රී ලංකා සමාගම රුපියල් මිලියන 0.9

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img