පෑලියගොඩ ගිය තරුණයා පීසීආර් පරීක්ෂණ අතරතුර මියයයි.

0
316

පීසීආර් පරීක්ෂණයක් සඳහා කල්පිටිය දිසා රෝහලට අද (24) පැමිණ සිටි ලොරි රථ සහායකයකු හදිසියේ ම ඇදවැටී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කල්පිටියේ කන්දකුලිය පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු කල්පිටියේ සිට පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය දක්වා මාළු රැගෙන ගොස් තිබූ බව ද සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ප්‍රදේශවල ධීවර ජනතාව හා මත්ස්‍ය ව්‍යාපාරිකයන් පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට සිය මත්ස්‍ය අස්වැන්න සෘජුව ම සපයන බැවින් ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා අද (24) පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

එලෙස පීසීආර් පරීක්ෂණයට තම ජෛව සාම්පල ලබාදීමට පැමිණ සිටිය දී ඔහු හදිසියේ ම බිම ඇද වැටී ඇති අතර පරීක්ෂා කිරීමේ දී මියගොස් තිබූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඔහුගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු ඒ අනුව හෙට (25) හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here