spot_img
spot_imgspot_img

රාජකාරී පැත්තකින් තබා සෙල්ලමට යන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්

පුවත්

විදෙස්

රාජකාරී ‍දින දෙකක් ඇතුළුව දින තුනක් පුරා ක්‍රීඩා තරඟාවලියක් පැවැත්වීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු සංවිධානය කර තිබේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් මේ ආකාරයට රාජකාරී වේලාවේ දී එම රාජකාරීවලින් බැහැරව ක්‍රීඩාතරඟ පැවැත්වීමෙන් තමන්ට අගතියක් සිදුවන බවට ජනතාව චෝදනා කරති.

බදුල්ල දිස්ත්‍රික් මට්ටමින් පවත්වන 2022 වර්ෂයේ ක්‍රීඩා තරඟාවලියක් ඉලක්ක කරගනිමින් හෙට (10), 11 සහ 12 දින තුනෙහි මෙම තරඟාවලිය සංවිධානය කර තිබේ.

මේ සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගමගෙන් විමසූ  විට ඇය කියා සිටියේ ක්‍රීඩා තරඟාවලියක් ‍පැවැත්වීමට උපදෙස් දී ඇතත් එලෙස රාජකාරී දිනවල දී තරඟාවලිය පැවැත්වීම වරදක් බවයි. ඒ පිළිබඳ වහාම සොයා බලා තරඟාවලිය සති අන්තයේ පැවැත්වීමට නියෝග කරන බව ද ඇය කියා සිටියාය.

මෙම තරඟාවලිය පැවැත්වීමට උපදෙස් ලබා දී ඇත්තේ පොහොය ඇතුළු ප්‍රසිද්ධ නිවාඩු දිනවල සහ සති අන්තයේ දිනවල දී ය.

නමුත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒ සඳහා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින යොදා ගැනීම බරපතල ගැටලුවකි. මෙම ක්‍රීඩා තරඟ හල්දුම්මුල්ල මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!