-4.8 C
New York

පවුලක්ම අනතුරක, මව මියයයි

Published:

කළුතර පැවැති සාදයකට සහභාගී වී මොරටුව දෙසට යමින් තිබූ මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් මව මියගොස් දියණියන් තිදෙනා සහ රිය පැදවූ පියා බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව සමන්පුර පදිංචි සසානි ශාලිකා නමැති 41 හැවිරිදි තිදරු මවකි. ඇය රථයේ ඉදිරිපස අසුනේ ගමන්කර ඇති අතර වයස අවුරුදු 8,13 සහ 16 හි පසුවන දියණියන් තිදෙනා පිටුපස අසුනේ සිට ඇතැයි පොලිසිය පවසයි.

කොරළවැල්ල ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ධාවනය වූ රථය විදුලි කණුවක ගැටී අනතුර සිදුව තිබිණි. එම පවුලේ අය ගමන් කර ඇත්තේ පවුලේ හිතවතකුගෙන් ඉල්ලාගත් සුඛෝපභෝගී රථයකිනි. එම රථයට ද දැඩි හානි සිදුව ඇත.

පොලිසිය පවසන්නේ මියගිය කාන්තාවගේ සැමියා, පැය ගණනක් නොනවත්වා වෙහෙසකර රාජකාරියක නිරතවීමෙන් පසු විවේකයක් නොලබා ම මෙම සාදයට සහභාගී වී ඇති බවකි. ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

Recent articles

spot_img