-2.1 C
New York

“ඇති තරමට බොන්න දෙන්නම්. බය වෙන්න එපා” – සුරාබදු දෙපාර්තමේන්තුව කියයි

Published:

මත්පැන් නිෂ්පාදනය මාර්තු 22 සිට නතරවන බවට පළවන පුවත් සාවද්‍ය යැයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විදුල් කප්පාදුව සහ ඩීසල් නොමැතිවීම හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා සිදුවන බැවින් මත්පැන් නිෂ්පාදනය නවතිනු ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ. එම ප්‍රචාරය හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුව එම නිවේදනය නිකුත් කර ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ, අරක්කු ඇතුළු දේශීය මත්පැන් නිපදවන බලපත්‍ර ලැබූ නිෂ්පාදනාගාර 23ක් රට පුරා ක්‍රියාත්මක වන අතර ඒවාට අවශ්‍ය එතනෝල් ඇතුළු අමුද්‍රව්‍ය දේශීය වශයෙන් ලබාගැනීම මේ දක්වා හැකියාව පවතින බවයි.

වැරදි තොරතුරු සංසරණය වීම හේතුවෙන් නීති විරෝධී ලෙස මත්පැන් රැස්කිරීමටත්, මත්පැන් නිෂ්පාදකයන් අතර වැඩිමිළට අළෙවිය සිදුවීමත්, වැරදි අළෙවි උපායන් භාවිතා කිරීමත් සිදුවන බැවින් මෙලෙස වැරදි තොරතුරු නිවැරදි කිරීමට කටයුතු කරන බවයි.

Related articles

Recent articles

spot_img