පාරිල්මේන්තුවේ පොලිස් SIට කොරෝනා

0
93

පාර්ලිමේන්තුවේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

මෙම පොලිස් උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තු බුද්ධි අංශයට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකි. පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයට අවශ්‍ය මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වෙත ඔහු ගොස් ඇති බවත් කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ එම අවස්ථාවේ දී බවත් සෞඛ්‍ය අංශ සැක කරයි.

මේ වනවිට ඔහුගේ සමීපතමයන් 07 දෙනකු පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා පවසයි.

කෙසේ වෙතත් ඔහු පාර්ලිමේන්තු සංකීර්ණය සමඟ සෘජු සම්බන්ධතාවක් පවත්වා නොමැති බව ද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here