spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ පහළ යද්දී, විදේශීය ආයෝජකයන්ගේ දැඩි උනන්දුවක්

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) ගනුදෙනු 31,302ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් 3,515ක් ලෙස වාර්තා විය.

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 283කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 10,960ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 797
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 392
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලින 224

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • කමර්ෂල් ලීසිං සමාගම කොටස් මිලියන 16
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
  • එල්ඕඑල්සී ‍ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නන්ද ෆිනෑන්ස් සමාගම 14%
  • ලී හෙජස් සමාගම 12%
  • ලාෆ්ස් පවර් සමාගම (X) 10%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 529
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 438
  • කමර්ෂල් ලීසිං සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  274

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම්

  • රේණුක හෝල්ඩින් සමාගමේ ක‍ොටස් මිලියන 1.7ක් රුපියල් 15.00 බැගින්
  • ඇක්සස් ඉන්ජිනියරින් සමාගමේ කොටස් මිලියන 2ක් රුපියල් 24.50 බැගින්
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගමේ කොටස් 220,000ක් රුපියල් 144.50 බැගින්

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 234ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 84ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 150ක් ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 141
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 57
  • ප්‍රීමා සමාගම රුපියල් මිලියන 11
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 04
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 04

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • රේණුක හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 41
  • කමර්ෂල් බැංකුව රුපියල් මිලියන 11
  • විදුලංකා සමාගම රුපියල් මිලියන 09
  • කමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 05
  • යුනියන් බැංකුව රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!