-5.9 C
New York

“සියලු වීදි පහන් නිවා දමන්න” බැසිල්, පොහොට්ටු නියෝජිතයන්ට කියයි

Published:

රටේ සියලුම වීදි පහන් අද (07) සිට මාර්තු 31 වැනි දින දක්වා නිවා දමන ලෙස බැසිල් රාජපක්ෂ විසින් සියලුම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ට සහ නියෝජිතයන්ට දැනුම් දී තිබේ.

මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මේ බව දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලිපි ශීර්ෂයක් යොදා ගනිමිනි. ඒ අනුව එය පක්ෂ මට්ටමින් කරන ලද දැනුම්වත් කිරීමකි. එම ලිපියට ඔහු මෙයට, ඔබේ හිතවත් බැසිල් රෝහණ රාජපක්ෂ ලෙස අත්සන් කර තිබේ.

එම ලිපියේ සඳහන් කර ඇත්තේ රටේ සමස්ත විදුලි උත්පාදනයෙන් 30%කට දායකත්වය සපයන ජල විදුලි බලාගාර වැසි නොමැතිවීම හේතුවෙන් මුළුමනින් ම අක්‍රියව ඇති බවයි. ඒ අඩුව පිරවීමට ඩීසල් සහ දැවිතෙල් බලාගාර මගින් විදුලි උත්පාදනයට අධික පිරිවැයක් දැරීමට හේතුවීමත්, ඩොලර් නොමැතිවීමත් හේතුවෙන් අභියෝගාත්මක තත්වය තේරුම් ගෙන ජාතික යුතුකමක් ඉටුකිරීම සඳහා සෘජුව මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.

Related articles

Recent articles

spot_img