-4.8 C
New York

තෙල් සංස්ථාව කෝටි 05ක ජනතා සල්ලි CCTV සඳහා අපතේ යවලා

Published:

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ගොඩනැගිල්ලට CCTV කැමරා සවිකිරීම සඳහා රුපියල් කෝටි 05ක මුදලක් වැය කර තිබේ.

එම ගොඩනැගිල්ලේ මීට පෙර සවිකරන ලද ආරක්ෂක කැමරා පද්ධතිය ක්‍රියාත්මක වෙමින් තිබිය දී ම මෙලෙස අලුතින් කැමරා සවිකර ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වනවිට රටට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට පවා මුදල් නොමැතිව බරපතල මූල්‍ය අර්බුධයක සිරවී සිටිය දී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් අලාභය රුපියල් කෝටි 1848.9ක් ලෙස ද ගණනය කර තිබේ.

එසේ පාඩු ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ සෑම ස්ථානයක ම සීසීටීවී කැමරා සවිකර ඇති අතර නිලධාරීන්ගේ කාමරවල අධි තාක්ෂණික කැමරා ද සවිකර ඇත. ගොඩනැගිල්ල තට්ටු පහකින් සමන්විතය.

Related articles

Recent articles

spot_img