-4.8 C
New York

නැදුන්ගමුවේ රාජා හස්ථියා මියයයි. ඉන්දියාවෙන් ගෙන ආ ඇතාගේ ඔබ නොදන්නා තොරතුරු

Published:

මහනුවර ඇසළ මහා පෙරහැරේ කරඬුව වැඩමවූ “නැදුන්ගමුවේ රාජා” හස්ථියා අද (07) අළුයම මියගියේය. 2006 වර්ෂයේ සිට 2021 දක්වාම දළදා කරඬුව වැඩම කරවන ලද්දේ නැදුන්ගමුවේ රාජා විසිනි.

එම ඇතා මියයනවිට 69 වැනි වියේ පසු වූ බව ඇතාගේ හිමිකරුවෝ කියති.

ආසියාවේ සිටින උසම හීලෑ ඇතා ලෙස හැඳින්වූ නැදුන්ගමුවේ රාජා අඩි 10 අඟල් 6ක් උසැතිය.

ඉන්දියාවේ සිට වයස අවුරුදු 05ක් පමණ කාලයේ දී මෙරටට ගෙන එන ලද නැදුන්ගමුවේ රාජා ශ්‍රී ලංකාවේ ජීවත්වන අලි විශේෂයේ සතකු නොවේ. මෙම සත්ත්ව විශේෂය ඉන්දියාවේ දක්නට ලැබෙන අසියානු අලියාගේ ඉන්දියානු උප විශේෂයයි. ඒ අනුව සත්ව විද්‍යාත්මකව එලිෆාස් මැක්සිමස් ඉන්ඩිකස් (Elephas maximus indicus) ලෙස හැඳින්විණි.

ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ මහාරාජාවරයකුගේ ඥාතියකු සුව කළ නීලම්මහර වෙදපරපුරේ පිළියන්දල වෙදහාමුදුරුවන් ඉන්දියාවට වැමඩ කළ අවස්ථාවක දී ඒ හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මහාරාජාගේ ඇත්ගාලේ සිටි ඇත් පැටව් දෙදෙනකු හිමියන්ට පූජාකර තිබිණි.

අනෙක් ඇත්පැටවා පසු කළෙක “නවම් රාජා” ලෙස ප්‍රකට විය. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය භාරයේ සිටි නවම් රාජා ද වසර කිහිපයකට පෙර මියගියේය.

පිළියන්දල වෙද හාමුදුරුවන් භාරයේ සිටි ඇත් පැටව් දෙදෙනා වසර 15කට පමණ පසු එක් ඇතකු ඇඹිලිපිටියටත්, අනෙක් ඇතා හොරණ උඩුව වලව්වටත් විකුණා තිබිණි. 1978 දී හොරණ උඩුව වලව්වේ සිටි ඇතා නැදුන්ගමුවේ පී.ඩී.පී.ධර්මවිජය වෙද රාළහාමි විසින් රුපියල් 75,000ක මුදලකට මිල දි ගෙන තිබිණි.

පාරම්පරික වෛද්‍ය හර්ෂ ධර්මවිජය මෙම ඇතාගේ හිමිකරුව සිටියේය.

මෙම ඇතාගෙන් පැටවකු බිහිකිරීමට ගත් උත්සායහයන් ව්‍යර්ථ වූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අසෝක දංගොල්ල වරක් මාධ්‍යයට පවසා තිබිණි.

ඇතාගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණයක් අද (07) සිදුකිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img