spot_img
spot_imgspot_img

ගාල්ලේ ත්‍රී ‍වීලර් චණ්ඩි මට්ටුකරන්න පොලිසියේ උත්සාහයක්. rata.lk පුවත ඵලදරයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට අපකීර්තියක් ගෙන දෙන ආකාරයෙන් ගාල්ල උණවටුනේ දී ත්‍රී රෝද රථ රියදුරන් කිහිප දෙනකු විසින් විදේශීය කාන්තාවකගේ ගමනට බාධා කිරීමේ සිද්ධිය සමබන්ධයෙන් පොලිසියේ අවධානය යොමු වී ඇත.

මේ සිදුවීම සම්බන්ධයෙන් විදේශිකයන් අතර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන සටහන් සහ ඊට දක්වා ඇති ප්‍රතිචාර සම්බන්ධයෙන් rata.lk වෙබ් අඩවිය ඊයේ (මාර්තු 04) අනාවරණය කළේය. එම ලිපිය මෙතැනින්.

මේ සම්බන්ධව අවධානය යොමුකර ඇති පොලිසිය අප අමතා ත්‍රී රෝද රථ රියදුරන්ගේ එම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා එම විදෙස් තරුණිය මුහුණ පෑ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි පළ වී ඇති තොරතුරු ඉල්ලා සිටින ලදී.

2017 අංක 01 දරණ අති විශේෂ ගැසට් පත්‍රය 2017 ජනවාරි මස 09 වැනි දින ප්‍රකාශයට පත්කෙරුණු අතර එම ගැසට් පත්‍රය අනුව ත්‍රී රෝද රථයක් මගින් කුලී සේවාවන් සපයන්නේ නම් එහි ටැක්සි මීටරයක් සවිකර තිබීම හෝ දුර අනුව මිල නියම කරනුලබන නිශ්චිත මිනුම් ක්‍රමයක් තිබීම අනිවාර්ය වෙයි. එමෙන් ම කුලී රථ සේවය ලබාගන්නා පුද්ගලයා ගමනාන්තයේ දී නියමිත මුදල ගෙවීමෙන් පසු රිසිට් පතක් නිකුත් කිරීම ද අනිවාර්යය.

නමුත් ගාල්ල නගරයේ පමණක් නොව දකුණු පළාතේ ම මේ නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. බස්නාහිර පළාතේ ත්‍රී රෝද රථ සඳහා මීටරය අනිවාර්ය වෙයි. නමුත් දකුණේ ත්‍රී රෝද රථ රියදුරෝ Pickme සහ Uber වැනි ත්‍රී රෝද රථ සේවා සපයන ත්‍රී රෝද රථ රියදුරන්ට තර්ජනය කර ඔවුන් පළවාහරින අවස්ථා විශාල වශයෙන් වාර්තා වෙයි.

මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ පොලිසියටය. අප දන්නා තරමින් සෑම පොලිස් ස්ථානයක්ම ඊට අදාල බල ප්‍රදේශයේ කුලී ත්‍රී රෝද රථ ලියාපදිංචි විය යුතුයි. එවිට ඒ සඳහා අංකයක් ද ලැබේ. ඒ බව ත්‍රී රෝද රථයේ කාටත් පෙනෙන ලෙස සඳහන්කර තිබේ.

නමුත් පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ අර්ධ වශයෙනි.

පොලිසියට මීටර නොමැති ‍හෝ මීටර ක්‍රියාත්මකව නැති ත්‍රී රෝද රථ ධාවනයෙන් ඉවත්කිරීමේ බලය තිබේ. පොලිසිය තම වගකීම ඉ‍ටු නොකිරීමෙන් සිදුවන්නේ විදේශීය පමණක් නොව දේශීය පාරිභෝගිකයෝ ද දැඩි සූරාකෑමකට ලක්වීමයි.

ගාල්ල බස් නැවතුමේ හෝ දුම්රිය ස්ථානයේ සිට ගාල්ල කොටුවට කිලෝ මීටරයක පමණ දුරක් යාමට මීටර නැති ත්‍රී රෝද රථයක් විදේශිකයන්ගෙන් රුපියල් 400.00ක් පමණ අයකරයි.

ගාල්ල නගරයේ සිට මීටර නොමැති ත්‍රී රෝද රථයකින් කිලෝ මීටර 06කට මදක් වැඩි දුරක් යාමට දේශීය මගියකුගෙන් අයකරන ගාස්තුව රුපියල් 450.00 කි. එම මිලට අඩුවෙන් ඔවුන් ධාවනය කරන්නේ නැත. නමුත් මීටරය සහිත රෝද හතරක බජාජ් කාරයකින් එම දුර යාමට වැයවන මුදල රුපියල් 310.00කි.

මෙවන් සූරාකෑමක් සිදුවන්නේ වගකිව යුත්තන් නීතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙනි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!