-4.8 C
New York

කොරෝනා මළ සිරුරු ඕනෑම සුසානභූමියක භූමදානයට අවසර

Published:

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්‍‍ගේ මළ සිරුරු ඕනෑම සුසානභූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබා දී තිබේ.

ඊයේ (04) මේ සඳහා අවසර ලබාදෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් ගනු ලැබූ නිර්දේශ සහ කාලීන අවශ්‍යතා සැළකිල්ලට ගනිමින් එම තීරණයට එළඹ ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

මෙතෙක් සිදුකෙරුණේ ආගමික විශ්වාසයන් අනුව ආදාහනය නොකරන මළ සිරුරු සහ අධිකරණමය කටයුතු හේතුවෙන් ආදාහනය කළ නොහැකි මළ සිරුරු රජයෙන් මෙතෙක් වෙන්කර තිබූ විශේෂ භූමියක් වෙත යවා භූමදාන කිරීමයි.

Related articles

Recent articles

spot_img