-5.9 C
New York

“සෑම මරණයකට ම වගකිව යුත්තේ නේටෝ සංවිධානයයි” – යුක්රේන ජනාධිපති කියයි

Published:

රුසියාව විසින් දියත් කර ඇති ප්‍රහාර හේතුවෙන් යුක්රේනයට ඉහළ අහස ගුවන් මුක්ත කලාපයක් කරන ලෙස යුක්රේනය විසින් කරන ලද ඉල්ලීම නේටෝ සංවිධානය ප්‍රතික්ෂේප කර තිබේ.

නේටෝ සංවිධානය සමඟ යුක්රේනය එක්වීමට ගත් උත්සාහය මෙම යුද්ධයට මුල් වී තිබිය දී නේටෝ සංවිධානයේ එම තීරණය යුක්රේන ජනාධිපතිවරයා විසින් මේ වනවිට දැඩි ලෙස විවේචනය කර ඇත.

රුසියානු ප්‍රහාර නැවැත්වීම සඳහා යුක්රේන ගුවන් සීමාව ගුවන් මුක්ත කලාපයක් කිරීමට කටයුතු කරන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අවස්ථා කිහිපයක් ම ඉල්ලීම් කළේය. ඊයේ (04) රැස්වූ නේටෝ නියෝජිතයන් තීන්දු කර ඇත්තේ එවැනි පියවරයක් ගතහොත් සමස්ත යුරෝපය ම යුද්ධයකට ඇදී යා හැකි බැවින් එසේ නොකළ යුතු බවයි.

මෙම තීරණය දැනගත් වහාම විශේෂ ප්‍රකාශයක් කරමින් යුක්රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ මින් ඉදිරියට සිදුවන සෑම මරණයක ම වගකීම නේටෝ සංවිධානය විසින් ගත යුතු බවයි.

Related articles

Recent articles

spot_img