spot_img
spot_imgspot_img

සංචාරකයන් සඳහා ම නව දුම්රියක් ධාවනයට එක්වෙයි

පුවත්

විදෙස්

සංචාරකයන් වෙනුවෙන් මහනුවර සහ දෙමෝදර දක්වා නව දුම්රියක් අද (05) සිට ආරම්භ කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පවසයි.

බදුල්ල දුම්රිය මාර්ග දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ඉතාමත් ආකර්ශනයට ලක්වූ දුම්රිය මාර්ගයක් බැවින් එම දුම්රියේ ආසන වෙන්කිරීම මාසයකට පමණ පෙර ආරම්භ වෙයි. එසේ වුව ද ආසනයක් වෙන්කර ගැනීමට විශාල තරඟයක් ද ඇති බැවින් එම වැඩි ඉල්ලුම සළකා බලා මෙලෙස නව දුම්රියක් ධාවනයට එක්කර ඇත.

මහනුවර දුම්රිය ස්ථානයෙන් උදෑසන 7.00ට ගමන් ආරම්භ කරන මෙම සංචාරක දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමතිව ඇත්තේ සවස 2.20ටය. නැවත දෙමෝදර දුම්රිය ස්ථානයෙන් සවස 3.40ට ආපසු ගමන් ආරම්භ කරන එම දුම්රිය රාත්‍රී 9.35ට මහනුවරට ළඟාවීමට නියමිතය.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ දිය ඇළි, සුන්දර කඳුපන්ති, ආරුක්කු 09 පාලම වැනි ස්ථාන නැරඹීම සඳහා එවැනි ස්ථානයන්හි සුළු වේලාවක් දුම්රිය නවතා තැබීමට ද කටයුතු කරන බවයි. ගමනාන්තය දෙමෝදර දුම්රිය ස්ථානය බැවින් එම දුම්රිය ස්ථානයේ ඇති දුම්රිය ගැටය නැරඹීමට ද සංචාරකයන්ට විශේෂ අවස්ථාවක් හිමිවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!