ගාල්ලේ ත්‍රී රෝද රථ රියදුරන් පිළිබඳ ඉතාමත් අපකීර්තිමත් සටහනක් මේ වනවිට ලෝකය පුරා සමාජ මාධ්‍යයන්හි සැරසරමින් තිබේ.
එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගතකිරීමට පැමිණි විදේශීය තරුණියක් මුහුණදුන් අත්දැකීමකි.
ඇය උණවටුනෙන් තම රාත්‍රී ආහාරය ගෙන නවාතැන වෙත යාමට සූදානම්ව සිටියාය. රාත්‍රී 9.00 පසු වී තිබූ අතර ප්‍රදේශයේ විදුලිය ද විසන්ධි වී තිබිණි. මේ හේතුවෙන් ඇය “Pickme” රථයක් ඇණවුම් කළාය.
ඇය පවසන්නේ පික් මී රථයක් ඇණවුම් කළ විට එහි පැමිණෙන රියදුරාගේ දුරකථන අංකය, නම පමණක් නොව වාහනයේ අංකය පවා සටහන්වන බැවින් අනන්‍යතාව දැනගැනිීමට ඇති හැකියාව නිසාම අවශ්‍යතාව අනුව එලෙස කුලී රථ ඇණවුම් කරන බවයි.
ඇය බලාපොරොත්තු වූ පරිදිම Pickme රථය පැමිණ තිබිණි. නමුත් ඇයට සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. පික් මී රථය වටකරගත් උණවටුනේ ත්‍රී රෝද රථ රියදුරන් ඇය ඇණවුම් කළ රථයේ රියදුරාට බැණ තර්ජනය කරමින් ඇයට ද බැණ වදිමින් ඉතාමත් අශෝභන ලෙස කටයුතු කර තිබේ. ඇගේ රථයට ද තඩිබාමින් ඇය බියට පත්කර ඇත.
කෙසේ වෙතත් පික්මී රථයේ රියදුරා ඇය ඉතාමත් ආරක්ෂිතව සහ නිරුපද්‍රිතව ඇගේ නවාතැන වෙත ඇරළවීමට සමත්වුවේය.
ඇය අද (04) ශ්‍රී ලංකාවට සමුදුන්නාය. මෙම තරුණිය පවසන්නේ තමන් යළි කිසි දිනක ශ්‍රී ලංකාවට නොපැමිණෙන බවයි. ශ්‍රී ලංකාව යනු තරුණියන්ට අනාරක්ෂිත බව ද ඇය තම මිතුරු මිතුරියන්ට පවසනු ඇත. මේ සම්බන්ධයෙන් විදේශිකයන් විසින් තබා ඇති සමාජ මාධ්‍ය සටහනක එවැනිම තවත් විදේශිකයන් අත්විඳි සිය ගණනක් සිදුවීම් පිළිබඳ සටහන් පළකර තිබේ.
ඒ සටහන් දැන් ලෝකය පුරාම සංසරණය වෙමින් පවතී.
ඔවුන් පවසන්නේ ගාල්ල දුම්රිය ස්ථානය සහ ගාල්ල බස් නැවතුම සිට ගාල්ල කොටුව දක්වා ත්‍රී රෝද රථ රියදුරන් රුපියල් 400.00ක් වැනි මුදලක් අයකරන බවයි. නමුත් Pickme රථයක එම දුර ගමන් කිරීමට වැය වන්නේ රුපියල් 100.00ක් හෝ 150.00ක් වැනි මුදලක් බව ද ඔවුහු සඳහන් කරති.
එමනේම ගාල්ලේ දී පික් මී රථයක සේවය ලබාගන්නා විට එම ප්‍රදේශයේ ත්‍රී රෝද රථ රියදුරන්ගේ තර්ජනවලට තමන්ට ලක්වීමට සිදුවන බව ද විදේශිකයෝ එහි සටහන් තබා ඇත.
මෙය ශ්‍රී ලංකාවට ඉතාමත් අපකීර්තියක් ගෙන දෙන අවස්ථාවකි.
ශ්‍රී ලංකාවේ වලංගු නීතිය අනුව යම් පුද්ගලයකු දුර, බර, දිග වැනි මිනුම් ඒකකයක් අනුව සේවා සපයන්නේ නම් අනිවාර්යයෙන් ම එය මැන බැලීමට වලංගු මිනුම් යන්ත්‍රයක් තිබිය යුතුය. ඒ අනුව සෑම ත්‍රී රෝද රථයක ම දුර අනුව මුදල් අයකිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතුය. නමුත් ගාල්ලේ නොව දකුණු පළාතේ ම මේ නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. බස්නාහිර පළාත් සභාව ත්‍රී රෝද රථ සඳහා මීටර අනිවාර්යය කළ ද දකුණේ එය අනිවාර්යය කළේ නැත. මේ හේතුවෙන් විදේශිකයන් පමණක් නොව ලාංකිකයෝ ද දැඩි අපහසුතාවලට පත්වෙති.